සංජීවිකා සමරතුංග I
පසුගිය සිකුරාදා (20 වැනිදා) රාත්‍රී 10.00 සිට ලබන 30 වැනිදා පෙරවරු 4.00 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය. සිකුරාදා දහවල් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රජයේ කොවිඩ් පාලන කාර්ය සාධක බලකාය මෙම තීන්දුව ගනු ලැබීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙවර කොවිඩ් පාලන කමිටුවට සහභාගි විය.
මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රමුඛ වෛද්‍ය විශේෂඥයන්ද රට කෙටි කලකට වසා දමන ලෙස කරන ලද ඉල්ලීම පිළිගනිමින් කොවිඩ් පාලන කමිටුව මෙම තීරණය ගත් බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.