2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

සහල් ටොන් ලක්ෂය ගෙන්වීමේ තීන්දුව ලබන සතියේ

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 79

ව්‍යාපාරික වාර්තාකරු  I

රටේ ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යෑම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ තීරණය අනුව අදාළ මිලදී ගැනීම සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට කීය.

මේ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමට මෙයට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි. තරගකාරීව කැඳවන ලද ටෙන්ඩරවලින් රජයේ මිලදී ගැනීම් කමිටුව විසින් තෝරාගත් ටෙන්ඩරයට අනුමැතිය ලබාගත් සැණින් සහල් ආනයනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

එයට පෙර පකිස්ථානයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක් මිලදී ගැනිමට මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි පැවසූ අමාත්‍යවරයා පොලොන්නරු දිස්ත්‍රික්කයේ හාල් වෙළෙඳුන් කිහිපදෙනෙක් කෘත්‍රිම ලෙස සහල් මිල ගණන් ඉහළ දැමිම පාලනය සඳහා රජය මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය. ආරක්ෂිත සහල් තොගය ආනයනය කළ පසු ඒවා අවශ්‍ය මොහොතක අලෙවිය සඳහා සූදානම් කෙරෙනු ඇත.