I සංජීවිකා සමරතුංග
රටේ ජාතික අර්බුදයක් සිදු වී තිබෙන විට දේශපාලන වාසි නොබලා එම ප්‍රශ්නය විසඳා ගැනීමට වෘත්තීය සමිති අංශත් දායක විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.
පවත්නා බරපතළ ආර්ථික තත්ත්වය අනුව ජනතාව අපේක්ෂා කරන ඇතැම් තීරණ පහසුවෙන් ගත හැකි නොවේ. එම නිසා වගකිව යුතු වෘත්තීයවේදීන් මේ අවසන් අවස්ථාවේදී ජනාධිපතිතුමා හා තමන් සමඟ සාකච්ඡා කොට තිබෙන ප්‍රශ්න සමතයකට පත් කර ගැනීම වඩාත් සුදුසු ක්‍රමය යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය තත්ත්වය යටතේ ජනතාවට අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ ගැන රජය ඉතා සංවේදීව ක්‍රියා කරන්නට සූදානම්ය. රජයේ ප්‍රධාන ඉලක්කය රට පුරා එන්නත්කරණය සිදු කර ජනතාව කොවිඩ් රෝගයෙන් බේරාගැනීමයි. එම නිසා එම කාර්යයේදී වැදගත් මෙහෙවරක් ඉටු කරන සෞඛ්‍ය අංශ ඇතුළු සෙසු වාත්තීය කණ්ඩායම්ද පවත්නා තත්ත්වය ගැන සාධනීය ලෙස කල්පනා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.