I දේශපාලන වාර්තාකරු
“රට ලොක්ඩවුන් කළයුතුව තිබූ කාලය ඉක්ම ගොසිනි. කවුරුන් කුමක් කීවත් රටපුරා දැන් කොවිඩ් වසංගතය සමාජගත වී හමාරය. එම නිසා ආණ්ඩුව නම්‍යශීලීව සර්ව පාක්ෂික සාකච්ඡාවක් පවත්වා කොවිඩ් ප්‍රශ්නයට විසඳුම් සෙවිමට කඩිනම් ප්රයත්නයක් දැරිය යුතුයි” යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ දේශයට පැවසූහ.
රට වසා දැමීම නිසා හටගන්නා ආර්ථික ප්‍රශ්න ගැන ජනතාවට අවබෝධයක් ඇතැයිද එම නිසා හැමෝම මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම නවත්වා මධ්‍යස්ථ මතයකට පැමිණිය යුතු යැයිද උන්වහන්සේ කීහ.
රජයට 2/3 බලය ඇතැයි කියා කිසිවකු තනි මතයට වැඩකොට මෙබඳු ජාතික විපතින් රට ගලවාගත නොහැක. එම නිසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරෝනා මර්දන වැඩසටහනේදී මෙයට වඩා වගකීමක් භාරගෙන ජනාධිපතිතුමාට සහ සෙසු වගකිවයුත්තන්ට සහාය දිය යුතු යැයි ආනන්ද හිමියෝ සඳහන් කළෝය.