2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

විදෙස් සංචාරකයන්ට නිරෝධායන නීති ලිහිල් වෙයි

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 25

I දේශපාලන වාර්තාකරු

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා පනවා තිබූ නිරෝධායන නීති ලිහිල් කර තිබේ. ඒ අනුව එන්නත් දෙකම ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු මෙරටට සංචාරකයන්ට පැමිණීමට අවසරය ලබා දී ඇතැයි විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට පැවසීය. එහෙත් එලෙස පැමිණෙන සංචාරකයන් මෙරටදීද තවත් පී.සී.ආර්. පරීක්ෂණයකින් සමත් විය යුතුවේ.

එසේ වුවද දකුණු අප්‍රිකාවෙන් සහ දකුණු අමෙරිකාවෙන් පැමිණෙන ඕනෑම සංචාරකයකු කවර තත්ත්වයක් යටතේ වුවත් අනුමත හෝටලයක දින 14ක කාලයක් නිරෝධායනය විය යුතුය. සෙසු සංචාරකයන්ට ලබා දී තිබෙන ලිහිල ඔවුනට ලබා දී නැත්තේ දරුණු වෛරස ප්‍රභේද ගණනාවක් එම රටවල පැතිර ගොස් තිබූ බැවිනි.

මෙම නව නිරෝධායන නීති අනුව ඉන්දියාව ඇතුළු රටවලට සිදු කරන ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර ගණනද ඉහළ දමා ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.