I ගයාන් ගාල්ලගේ
නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැළකට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් වසර පහක සිට අන්තවාදියකු ලෙස තහවුරු කරගෙන සිටි අයකු බව එරට රජය නිවේදනය කර තිබේ.
2011 වසරේදී ඔහු නවසීලන්තයට පැමිණ ඇති අතර වසර පහක සිට දැඩි අන්තවාදී මතයක් නියෝජනය කළ අයකු ලෙස ආරක්ෂක අංශ විසින් අවධානය යොමුකර සිට ඇත.
කෙසේ වෙතත් ඒ අතරතුර මෙම සිදුවීම සිදුවී ඇති අතර ඔහුගේ පිහි ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලබා සිටිති. ප්‍රහාරයෙන් තත්පර 60ක් ගතවෙද්දී ආරක්ෂක අංශයේ වෙඩි පහරින් ඔහුද මියගොස් තිබේ.