I ගයාන් ගාල්ලගේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළය) පිහිටුවීම අනිවාර්යයෙන් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය.
ඊට සහායදීමට ආණ්ඩුව සමඟ සන්ධානගතව සිටින පක්ෂ කිහිපයක් එකඟතාවය පළ කර ඇති බවත් ඒ නිසා එම සන්ධානය නැවත පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
එළඹෙන මාසයත් සමඟ දිස්ත්‍රික්ක මට්ටමින් එහි ක්‍රියාකාරකම් ආරම්භ කරන බවද ජයසේකර මහතා කීය. මෙය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ තීන්දුවක් අනුව සිදුකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.