I සංජීවිකා සමරතුංග
පොළොන්නරෙුව ප්‍රදේශයේ වී මෝල්වලින් ඉවත දමන දහයියා පිළිස්සීමෙන් පසු ඉතිරි වන දහයියා අළු කොම්පෝස්ට් පොහොර ලෙස ගොවීන්ට අලෙවි කිරීමේ ජාවාරමක් රජරට හා පොළොන්නරු ප්‍රදේශවල සිදුවන බවට වාර්තා ලැබී තිබේ.
මෝල් හිමියන් දහයියා භාවිත කරන්නේ මෝල්වල බොයිලේරු රත් කිරීමටයි. බොයිලේරුවල ඉන්ධන ලෙස දහයියා පිළිස්සීමෙන් ඉතිරි වන ඝන කළු පැහැයෙන් යුතු දහයියා අළු කොම්පෝස්ට් පොහොර නිපදවීමට යැයි කියමින් රජරට ප්‍රදේශයේ පමණක් නොව නුවරඑළිය සහ කුරුණෑගල ප්‍රදේශවල පවා ටිපර් රථ යොදාගෙන ප්‍රවාහනය කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි. ඇතැම් වෙළෙඳුන් මෙම දහයියා අළු පැකැට් තොග කොම්පෝස්ට් පොහොර ලෙස ගොවීන්ට අලෙවි කරන බවද වාර්තා වෙයි.
දහයියා අළුවල ඉල්ලුම මෙලෙස ඉහළ යාම නිසා කලින් වී මෝල්වලින් ඉවත දැමූ දහයියා අළු ටිපරයක් රුපියල් 8000ක මිලකට මේ දිනවල සහල් මෝල්වලින් අලෙවි කරන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වෙයි.