2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ජනතාවගේ හැසිරීම හොඳයිලු

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 49

I ගයාන් ගාල්ලගේ

ඔක්තෝබර් පළමුවැනිදා රට විවෘත කිරීමෙන් පසුව ලැබුණු කොවිඩ් වාර්තා අනුව ජනතාවගේ හැසිරීම දැනට හොඳ තත්ත්වයක තිබෙන බව කොවිඩ් සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා දේශයට පැවසීය.

කොවිඩ් සමඟ වසර දෙකකට ආසන්න අත්දැකීම් ඇති ජනතාව මේ තත්ත්වය තේරුම් ගෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව හෙතෙම විශ්වාසය පළ කළේය.

කෙසේ වෙතත් මේ සියල්ලටම හේතුව එන්නත්කරණය ඉතාම සාර්ථක ලෙස රටේ ක්‍රියාත්මක වීම බවද ඔහු කීය.