I ගයාන් ගාල්ලගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අලුතින් ස්ථාපිත කිරීමට යන එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා සහාය ලබා නොදීමට පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එයට හේතුවී ඇත්තේ ආණ්ඩුවේ සිටිමින් තවත් සන්ධාන සඳහා සහයෝගය ලබාදීම සදාචාරාත්මක නොවන බවට පක්ෂ විසින් තීරණය කර ඇති නිසා බව නම සඳහන් කිරීමට අකමැති එක් පක්ෂ නායකයෙන් දේශයට පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පොහොට්ටුවේ සහයෝගී පක්ෂ මාසිකව රැස්වී සිදුකරන සාකච්ඡා සහ මෙම සන්ධාන ගොඩ නැගීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මේ අවස්ථාවේ වෙනම සන්ධානයක් සෑදීම ආණ්ඩුවේ ජනවරමට පිටුපෑමක් බවත් හෙතෙම සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ඇතුළු පොහොට්ටුවට සම්බන්ධ සියලු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානය සඳහා කිසිසේත් සම්බන්ධ නොවන බව එම පක්ෂ නායකයා වැඩිදුරටත් පැවසීය.