I ගයාන් ගාල්ලගේ
මේ ආණ්ඩුව නැවත මහ මැතිවරණයකට යාමට පෙර මිනිස්සු විසින් ගෙදර යන දවස වැඩි ඈතක නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුව විසින් දිගින් දිගටම ජනජීවිතය අඩාල කොට අවුල් සහගත කිරීම නිසා ජනතාව දැඩි කලකිරීමෙන් සිටිනා බවත් මේ නිසා ජනතාව දිනපතා පාරට බහින තැනට පත්වෙමින් සිටිනා බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීම කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද නලින් බණ්ඩාර මහතා කීය.