2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

කුරුණෑගලින් මිනුවන්ගොඩින් පුංචි පොකුරු

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 19

I ගයාන් ගාල්ලගේ

කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩු වුවත් මිනුවන්ගොඩ සහ කුරුණෑගල යන ප්‍රදේශ වලින් කුඩා පොකුරු කිහිපයක් වාර්තා වී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ්‍ රෝග පාලන කටයුතු ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දේශයට පැවසුවාය.

විශේෂයෙන් තවමත් රෝගීන් දිනකට 500කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවත් එය අඩුම තරමින් 500ට වඩා පහළ යෑම මෙම රෝගයේ අවධානම සැලකියයුතු ලෙස පහව ගොස් ඇතැයි අපේක්ෂා කළ හැකි මිම්මක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත් රාත්‍රී කාලයේ සාද එක්රැස්වීම් සම්බන්ධයෙන් ජනතාව මීට වඩා අවධානය යොමුකළ යුතු බවද අමාත්‍යවරිය කීය.