I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
කොවිඩ් වසංගතය හා ගුරු වර්ජන හේතුවෙන් 2020 සහ 2021 දෙවසර තුළ පාසල් දරුවන්ට අහිමි වූ අධ්‍යාපන කාලය සති 20ක් තුළ ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි.
2020 වසරේ බස්නාහිර පළාතේ දරුවන්ට 50%කින් හා අනෙකුත් පළාත්වල දරැවන්ට 40% කින්ද, 2021දී බස්නාහිර පළාතේ 90%කින් හා අනෙක් පළාත්වල 80% කින්ද දරුවන්ට පාසල් අධ්‍යාපන කාලය අහිමි විය.
2020 පළමු ශ්‍රේණියේ සිටි දරුවකු 2022 වසරේ සිටිය යුත්තේ 3 වැනි ශ්‍රේණියේය. පාසල් නොපැවැත්වීම මත පළමු ශ්‍රේණියේ අත්‍යවශ්‍ය විෂය කාලඡේදවලින් 40%ක් ද, දෙවැනි ශ්‍රේණියේ අත්‍යවශ්‍ය විෂය කාලඡේදවලින් 60%ක් පමණද ඔවුනට අහිමි වී තිබේ. එලෙස අහිමි වූ කාලය ආවරණය කිරීම සඳහා උපරිම වශයෙන් සති 20ක් අවශ්‍ය බවට අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය නිගමනය කර තිබේ.
ඒ අනුව 2020 පළමු ශ්‍රේණියේ සිටි දරුවා 2022 දී තුන්වැනි ශ්‍රේණියට ඇතුළත් කළද තුන්වැනි ශ්‍රේණියේ ඇතැම් විෂයයන් උගන්වන්නේ පළමු සති 20 තුළ ඔහුට අහිමි වූ පළමු ශ්‍රේණියේ සහ දෙවැනි ශ්‍රේණියේ අත්‍යවශ්‍ය විෂයන් ඉගැන්වීමෙන් පසුව බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.