කියන අය නොව කියදේ ගැනයි අපි බලන්නේ
I ගයාන් ගාල්ලගේ
සමගි ජන බලවේගය තුළ කිසිදු ආරවුලක් නොමැති බවත් මේ සියලු අදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.
එහෙත් පක්ෂ අහ්‍යන්තරයේ කතා කළ යුතු දෑ මාධ්‍ය ඉදිරියේ කතා කිරීම තමන් පිළිනොගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම අදහස් ගෙන එන පුද්ගලයා දෙස නොව අදාළ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා පක්ෂ ජයග්‍රහණය සඳහා යොදාගත යුතු බව තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කීය.
එජාපය කාපු කට්ටියක් සජබත් කන්න හදනවා
I ගයාන් ගාල්ලගේ
එජාපය විනාශ කළ කල්ලියක් විසින් සමගි ජන බලවේගය විනාශ කිරීමට සූදානම් වන බවත් ඊට කිසිසේත් ඉඩ නොතබන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා දේශයට පැවසීය.
තමන්ට පක්ෂය සමඟ හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවත් සැමදා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සිටගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
සාම්ප්‍රදායික විපක්ෂයක් නොවී අලුත් වැඩපිළිවෙළක් සමඟ ජනතාව ඉදිරියට යාම අත්‍යවශ්‍ය කාරණයක් නිසා මෙම සියලු සංවාද ප්‍රතිපත්ති සඳහා පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් තමන් පක්ෂය කිසිදු දිනක හැරදා නොයන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.