I ව්‍යාපාරික වාර්තාකරු
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යාම නිසා ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය (භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ වේගය) වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට පැවසීය.
පසුගිය මාස කිහිපය තුළ 6%ත් 7%ත් අතර පැවැති උද්ධමන අනුපාතය ඉදිරි මාස කිහිපය තුළ 8.5%ක් පමණ තෙක් ඉහළ යා හැකි යයි අනුමාන කරන බව පැවසූ මහ බැංකු අධිපතිවරයා එහෙත් ලබන වසරේ මුල් කාර්තුව වනවිට උද්ධමන අනුපාතය 4%ත් 6%ත් අතර මට්ටමට අඩුවිය හැකි යැයි සඳහන් කළේය. මේ බව මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව තමන් වෙත මේ බව වාර්තා කර ඇති බවද මහ බැංකු අධිපතිවරයා කීය.
ඒ අතර මහබැංකුව විසින් නිතිපතා භාණ්ඩාගාර බිල්පත් මගින් රජයට ලබාදෙන මුදල් ප්‍රමාණය අඩු වී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.