I දේශපාලන වාර්තාකරු
ඉදිරි අයවැය ලේඛනයට සමගාමීව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණවීමත් සමඟ පසුගිය කාලයේ කැබිනට් සංශෝධනවලදී වෙනස් නොකළ අමාත්‍යංශවල කාර්යසාධනය සලකා බලා මෙම වෙනස්කම සිදුකෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ. ඒ සමගම රාජ්‍ය සංස්ථා මණ්ඩල 30කට ආසන්න ගණනක මුල් පුටුද වෙනස් කෙරෙනු ඇතැයි සඳහන්ය.
දැනටමත් මෙයට අදාළව මූලික විමර්ශන වගකිවයුතු අංශ විසින් නිමකර ඇති බවත් දැනගන්නට තිබේ.