I දේශපාලන වාර්තාකරු
ඉදිරි කන්නය සඳහා වගාකළ හැකි බිම්වලින් මේ වනවිට වගාවට සූදානම් කර ඇත්තේ 1/3ක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.
මේ සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ පොහොර ප්‍රශ්නය ගැන හටගත් සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී සංඛ්‍යා දත්ත ගෙනහැර දක්වමින් වැඩිදුරටත් කරැණු දක්වා ඇති අමාත්‍යවරයා දැනට සාර්ථක ලෙස සිය කුඹුරු සහ වෙනත් ගොවිබිම් වගාකර ඇත්තේ කුරුණෑගල සහ උතුරැ නැගෙනහිර දිස්ත්‍රික්කවල පමණක් යැයි සඳහන් කළේය. තත්ත්වය මෙසේ පැවතුනහොත් ඉදිරි කාලයේ රට ආහාර හිඟයකට මුහුණදෙනු ඇතැයිද ඔහු අනතුරු ඇඟවීය.
මේ තත්ත්වයට පිළියම් යෙදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගතයුතු බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඊට සෙසු මැති ඇමැතිවරුන්ද සහය දිය යුතු බව පැවසීය.