2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

සියයට පහකින් කොවිඩ් නගී

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 5

I ගයාන් ගාල්ලගේ

දෛනිකව රෝගීන් 10 බැගින් සියයට 5ක කොවිඩ් වර්ධනයක් ‍රට තුළ පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් සම්බන්ධීකාරක සහ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා දේශයට පැවසීය.

පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 88ක් ලෙසත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොව්ඩ් රෝගීන් සංඛ්‍යාව 74ක් ලෙසත් වාර්තා වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය විශාල වර්ධනයක් නොවන බවත් මෙවැනි අඩු වර්ධනයක් පෙන්වීමට හේතුව නිසිලෙස එන්නත් ලබාගැනීම බවත් ඔහු කීය. කෙසේ වෙතත් දිනකට රෝගීන් 600කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීම අවම කිරිමට ජනතාව මීට වඩා වගකීම් සහගත ලෙස හැසිරී උපරිම සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කළයුතු යැයි වෛද්‍ය අන්වර් හම්දානී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.