2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

ඖෂධවේදීන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 21

I සුගත් පී. කුලතුංගආරච්චි

ඉදිරි 16 වැනිදා රාජ්‍ය ඇමැති චන්න ජයසුමන සමඟ සිය වෘත්තීය ගැටලු සාකච්ඡාවට අවස්ථාවක් ලැබී ඇති අතර එහිදී සාධාරණ පිළිතුරක් නොලදහොත් ලබන 19දා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න “දේශයට” පැවසීය.

කෝටි දෙදහසක බෙහෙත් කල් ඉකුත් වීමට ලක්ව තිබීම සහ ඒ සම්බන්ධ වගකීම ඖෂධ‌වේදීන් මත පැටවීම යන කාරණාව ප්‍රමුඛ අකටයුතු කිහිපයක් සම්බන්ධව ඔවුන් මේ සාකච්ඡාව ඉල්ලා තිබේ. මේ වන විට ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය 16 වැනිදා තීන්දුව සාධාරණ නොවුණහොත් වැඩවර්ජනයක් දක්වා දැඩි කිරීමට සිදුවන බව ඔහු කියයි.

රෝහල්වලට අවශ්‍යව තිබූ නිර්දේශිත ප්‍රමාණයට වඩා සියයට 25ක් වැඩියෙන් ඖෂධ ගෙන්වීම සහ දැන් ඒවා භාවිතයට නොගෙන ගොඩගැසීමෙන් කල් ඉකුත් වන තත්ත්වයකට පත්ව තිබීමෙන් තමන්ට සහ රටට සිදුව ඇති අකටයුත්ත පිළිබඳව සිය සංගමය විරෝධය පළ කළ බව ඔහු පෙන්වා දෙයි.