I සංජීවිකා සමරතුංග
ශ්‍රී ලංකාවේ කලා විෂය ධාරාවෙන් උපාධිය ලබන්නන්ගෙන් 54.4%ක් පමණ රැකියා වියුක්තියෙන් පෙළෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
වසර 2017 පදනම් වසර ලෙස ගත් කල එක් කලා උපාධිධරයෙක් වෙනුවෙන් වසර 3ක අධ්‍යයන කාලය සඳහා රජය විසින් වියදම් කරන ලද මුදල රුපියල් 854,000කි.
කලා උපාධිධරයන් සඳහා පවත්නා වෘත්තීය අවස්ථාව අඩුවීමට හේතුව කාලීන අවශ්‍යතා අනුව විෂය මාලා සකස් නොවීම සහ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධව පවත්නා ගැටලු බව අදාළ සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් කියයි.