I ව්‍යාපාරික වාර්තාකරු
විදේශ ගතවී මෙරටට පැමිණෙන්නන්හට තීරුබදු සහන යටතේ භාණ්ඩ ලබාගත හැකි “ඩියුටි ෆ්‍රී ෂොප්” හෙවත් තීරුබදු නිදහස් වෙළෙඳසල් හිමියන් සිය භාණ්ඩ අලෙවියෙන් 80%ත් 90%ත් අතර අතිදැවැන්ත ලාභයක් ලබන බව රජයේ මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනතාවට බදු සහන සහිතව භාණ්ඩ අලෙවි කිරීම සඳහා විදේශවලින් මෙම වෙළෙඳසල් වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා රජය දැවැන්ත බදු සහනයක් පිරිනමා ඇත. එම බදු සහන යටතේ භාණ්ඩ විදේශ රටවලින් ගෙන්වන මෙම සාප්පු හිමියන් පාරිභෝගිකයන්ට නිසි පරිදි බදු සහන ලබා නොදෙන බව ඒ ගැන සකස් කළ විශේෂ වාර්තාව වැඩිදුරටත් කියයි.
එම නිසා තීරුබදු සාප්පුවල භාණ්ඩ මිල ගණන් නියාමනය සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට වගකීම පැවරිය යුතු බව රාජ්‍ය ගිණුම්කාර සභාවද ආණ්ඩුවට නිර්දේශ කර තිබේ.