I ගයාන් ගාල්ලගේ
මේ වනවිට කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව දිස්ත්‍රික්ක හතක් තුළ 15%ත් 20%ත් සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කෝවිඩ් සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා දේශයට පැවසීය.
යාපනය, කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, අම්පාර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුළ මෙම වර්ධනය පෙන්නුම් කරන බවත් ඒ අතර කුඩා දරුවන්ද සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් සංකූලතා සහිත රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩුවී ඇති බවත් එයට හේතුව එන්නත්කරණය බවත් සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එන්නත්කරණය යනු විනෝද චාරිකා යාම සඳහා ලබාදුන් සහතිකයක් නොවන බවය.
ඒ නිසා වහාම දැන්වත් අනවශ්‍ය ගමන් බිමන් නවතා දමන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේය.