I ව්‍යාපාරික වාර්තාකරු
රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ වැයවන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
අලුත් අවුරුදු සහ නත්තල් සමයේදී මෙම වියදම තවත් ඉහළ යන බවද සඳහන් වෙයි. මේ වනවිටත් නත්තල් උත්සවය සඳහා ආහාර ද්‍රව්‍ය රෙදිපිළි ඇතුළු ආනයන සඳහා ඉල්ලා ඇති මුදල් මහ බැංකුව විසින් නිදහස් කරමින් සිටින බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
මෙම ආනයන සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී මාස 6ක කාලයකට බල පවත්වන පරිදි ඒවා නිකුත් කෙරෙන බවද එම ප්‍රකාශකයා කීය.