2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

“ඔමික්‍රොන්”ට දොර වහන්න ජී.එම්.ඕ.ඒ එකෙන් යෝජනා

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

l චමිඳු නිසල් ද සිල්වා

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේද පිළිබඳ විද්‍යාත්මක දත්ත මත පදනම්ව ජාත්‍යන්තරය තුළ එය පැතිරෙන ආකාරය සොයාබලා නව ප්‍රභේදය රටට ඇතුල්වීම සහ රට තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීම ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා වහාම රජයට දැනුම් දීමට වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා දේශයට පැවසීය.

පෙර අවස්ථා කිහිපයකදී රට වසා දැමීමට සිදුවූයේ නිර්දේශ අනුගමනය නොකිරීම සහ පමාවී ක්‍රියාත්මක්වීම යන හේතුන් නිසාවෙන් බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශය කළේය. රට තුළ නැවත වතාවක් ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් ජනතාව සංචරණයේදී ප්‍රවේසම් සහගත වියයුතු යැයිද ඒ මහතා කීයය. සංචරණ සීමා පැනවීම කෙසේ වෙතත් අවදානම තමන් සතු වන නිසා ජනතාව ප්‍රවේසම් වීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අවධාරණය කළේය.