I සංජීවිකා සමරතුංග
අය-වැය විවාදය හමාරවීමත් සමඟ වර්ෂ අවසාන නිවාඩුව සඳහා විදේශගත වීමට මැති - ඇමැතිවරුන් සෑහෙන පිරිසක් රජයෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. මෙයින් විදේශගත වන කැබිනට් අමාත්‍යවරු දැනටමත් ජනාධිපති කාර්යාලයෙන් සිය නිවාඩු ඉල්ලුම් කර තිබේ. මේ අයගෙන් බහුතරයක් ඩුබායි, සිංගප්පූරුව හා යුරෝපය වෙත යාමට නියමිත බව සඳහන්ය.
සජබෙන් - උතුරු සන්ධානෙට දොස්
පසුගියදා විපක්ෂය විසින් දියත් කළ පාර්ලිමේන්තු වර්ජනයට සහාය නොදීම ගැන සමගි ජනබලවේගයේ ප්‍රධානීන් විසින් දෙමළ ජාතික සන්ධානයට දොස් පවරා ඇතැයි දේශයට වාර්තා වෙයි. අප වෙත ලැබුණ වාර්තාව අනුව සමගි ජනබලවේගයේ ඉහළම තනතුරක් දරන්නෙකු ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන ප්‍රධානියකු වන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට දෝෂාරෝපණය කර ඇතැයි පැවසේ.
මෙම පාර්ලිමේන්තු වර්ජනය විපක්ෂය දියත් කළේ සිය පක්ෂයේ මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාව නැතැයි කියමිනි. එහෙත් විපක්ෂයේ සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ජ.වි.පෙ. මන්ත්‍රීවරු සහ දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සභාවට සහභාගී වූහ.
බැඳුම්කර ණයක් ජනවාරියේ ගෙවීමට නියම වෙයි
ලබන ජනවාරි මස කල් පිරෙන ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක් (කෝටි 550ක) ණය මුදලක් පියවීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. ජනවාරි මස 18 වැනිදා මෙම ඩොලර් මිලියන 500ක මුදල පියවා හමාර කළ යුතු බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.