2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

නිලධාරී තීන්දුවලින් දැවැන්ත ව්‍යාපෘති පහක් හබක්

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 77

I ගයාන් ගාල්ලගේ

රජයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ නොමනා තීන්දු තීරණ නිසා 2024 වසර අවසානයේ ජනතා අයිතියට පත්කළ යුතු දැවැන්ත ව්‍යාපෘති පහක් අවසන් කර ගැනීමේ අවදානමක් මතුව ඇති බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා දේශයට පැවසීය.

එහෙත් ඇතැම් නිලධාරීන් ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම නැතිකම නිසා ඔවුන් විසින් ගන්නා ලබන යම් යම් තීන්දු තීරණ හේතුවෙනුත් ඔවුන් විසින් දේශපාලන අධිකාරියට ලබා දෙන වැරදි තොරතුරුත් නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

පසුගිය වසරවලදී රජයේ සංවර්ධන ව්‍යාප්ති සඳහා එවකට මිල ගණන් යටතේ ගිවිසුම් ගත වුවත් වර්තමානයේ භාණ්ඩ මිල හා සැසඳීමේදී විශාල පාඩුවක් දරන්නට වන නිසා ඒ සඳහා සහනයක් රජයෙන් ඉල්ලා සිටි බවත්, ඊට රජයේ දේශපාලන අධිකාරියෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවත් ඒ මහතා කීය. එහෙත් ඇතැම් ආයතනවල සිටින ඉහළ නිලධාරීන් විසින් රජයේ නිවැරදි තීරණ පවා විකෘති කොට විනාශ කිරීම නිසා සමහර සංවර්ධන ව්‍යාපෘති කරගෙන යාමට පවා නොහැකි වී ඇතැයි සුසන්ත ලියනාරච්චි මහතා කීය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් දැනුවත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.