I ගයාන් ගාල්ලගේ
මේ ආණ්ඩුව පලවා හැරීම සඳහා පළමු අදියර ලෙස පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමේ මෙහෙයුමක් දැනටමත් ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායම් ඒ සඳහා මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ආණ්ඩුව බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා පෙරට විත් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් ඒ බව පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගේ හැසිරීම් හරහා තහවුරු වන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත් ආණ්ඩුව මැතිවරණයට බය නිසා පළාත් පාලන ආයතනවල අයවැය ඡන්දය ජයග්‍රහණය කිරීම සඳහා අයවැය හරහා මුදල් කුට්ටියක් වෙන්කර ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.