I ව්‍යාපාරික වාර්තාකරු
ආණ්ඩුවේ බලපත්‍රලාභී විනිමය වෙළෙඳාමේ නියුතු ආයතන 40ක පමණ නියෝජිතයන් මුණගැසුණු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රජයේ සම්මත විනිමය අනුපාතයට වැඩි මිලකට ඩොලර් අලෙවි නොකරන ලෙස දැනුම් දුන්නේය.
ඊට පෙර මහ බැංකුවේ නිලධාරීන් විසින් බලපත්‍ර ලබා විනිමය වෙළෙඳාමේ යෙදෙන ප්‍රධාන පෙළේ ආයතන 4ක් පරීක්ෂා කොට ඔවුන්ගේ ගනුදෙනු පිළිබඳ දත්ත ලබාගෙන ඇත.
එම නිසා මේ දිනවල පවතින සම්මත විනිමය අනුපාතය වන ඩොලරයක් රුපියල් 203කට වඩා වැඩි මිලකට අලෙවි නොකරන ලෙසට මහ බැංකු අධිපතිවරයා බලපත්‍රලාභී විනිමය වෙළෙඳ සමාගම්වලින් ඉල්ලීමක් කළේය. යම් හෙයකින් මහ බැංකුවේ දැනුම්දීම නොතකා විනිමය අලෙවි කරන්නන් තවදුරටත් වැඩි මිලට විනිමය අලෙවි කළහොත් රජයේ විනිමය පාලන නීතිය යටතේ ක්‍රියා කිරීමට සිදුවන බවද අධිපතිවරයා විනිමය වෙළෙඳ නියෝජිතයන්ට දැන්වීය.