I ව්‍යාපාරික වාර්තාකරු
ව්‍යාපාරික ආයතනවලට ජලය සැපයීමේදී අයකරන ගාස්තු ලබන මාසයේ සිට ඉහළ දැමෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි. එහෙත් මෙම මිල ඉහළ දැමෙන්නේ විශාල මිල ප්‍රතිශතයකින් නොවන බව ජල සම්පාදන මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ව්‍යාපාරික ආයතනවල ජල බිල් පත ඉහළ දැමුවද ගෘහස්ත ජල පාරිභෝගිකයන්ගෙන් අයකරනු ලබන ජල ගාස්තු කිසිසේත්ම ඉහළ දැමෙන්නේ නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. එසේ වුවද පසුගිය කාලයේ ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට අය විය යුතුව තිබූ හිඟ බිල්පත් වටිනාකම රැපියල් බිලියන 6ක් ඉක්මවා තිබූ බවද වාර්තා වෙයි.