2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

වෙළෙඳ ඇමැති මසකට ඩොලර් මිලියන 100ක් ඉල්ලයි

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 127

| සංජීවිකා සමරතුංග

රටට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තම අමාත්‍යාංශයට මසකට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයට දැනුම් දී තිබේ. සහල්, පිටි, සීනි, මිරිස්, අල, ලූනු, පරිප්පු ආදිය ආනයනය සඳහා මාසිකව මෙම මුදල අවශ්‍ය බවද අමාත්‍යවරයා පවසා තිබේ.  

සංවර්ධන ලොතරැයියට නව සභාපතිවරයෙක්

සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අජිත් නාරගල මහතා පත්කොට ඇත. මෙතෙක් එහි සභාපති ධූරය දැරෑ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කරනු ලැබීය. සංවර්ධන ලොතරුයියේ නව සභාපති අජිත් නාරගල මහතා මෙයට පෙර ජාතික රෑපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දැරීය. 

ප්‍රාදේශීය සංවර්ධනයට කෝටි 8500ක්

මෑත ඉතිහාසයේ පළමු වරට රටේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සඳහා 2022 අයවැයෙන් රුපියල් කෝටි 8500ක් (බිලියන 85ක්) වෙන්කර ඇත. මෙම අරමුදල් මෙරට ග්‍රාමසේවා වසම් දාහතර දහසේම විවිධ ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.