2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

හෙට කැබිනට්ටුවෙන් පෙරළිකාර තීන්දු රැසක්?

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 91

I සංජීවිකා සමරතුංග

ලබන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුව මේ වසරේ ඉතාමත් තීරණාත්මක කැබිනට් හමුවක් වනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කැබිනට් හමුව සති තුනකට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. රජයේ ආර්ථික අර්බුදයට පිළියම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම - රුපියල පාවෙන විනිමය අනුපාතයක් බවට පත් කිරීම, නව වසරේ වෙනස් කළ යුතු රජයේ ඉහළ නිලධාරීන් පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම යන කාරණා මෙම කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවේ සහ ජපානයේ අනුග්‍රහය ඇතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා දැනටමත් රජය අවශ්‍ය මූලික සැලසුමක් සකස් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි. මේ ගැන මහබැංකු අධිපති අජිත් කබ්රාල් මහතාගෙන් විමසූකළ ඔහු ප්‍රකාශකළේ රුපියල පාවෙන විනිමය අනුපාතයන් බවට පත්කිරීමේ කිසිදු අදහසක් නොමැතිබවය.