2022 ජනවාරි 01 වන සෙනසුරාදා

කාබනික පොහොර ලේකම් කාර්යාලය තාම නෑ

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 115

I දේශපාලන වාර්තාකරු

රජයේ කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහන විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කාබනික පොහොර ලේකම් කාර්යාලයක් ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇතත් මෙතෙක් එම කාර්යාලය ආරම්භ කර නැතැයි වාර්තා වෙයි.

දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් පොහොර බෙදාහැරීම, අවශ්‍ය කරන සෙසු සහන සැපයීම ආදිය මෙම කාර්යාලය මගින් සිදුකිරීමට මුලදීම සැලසුම් කර තිබිණි. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශ බලධරයන් මේ දක්වා එම කටයුත්ත අතපසු කිරීම නිසා කාබනික පොහොර සම්බන්ධ ව්‍යාපෘති කටයුතු අඩාල වී ඇතැයිද වාර්තා වෙයි.