I සුගත් පී. කුලතුංගආරච්චි
ලෝකයේ නවතම භීතිකාව බවට පත්ව ඇති ඔමිෙක්‍රාන් මාදිලිය පෙනී යන මට්ටමට වඩා දරුණුකමින් අඩු සහ අවම මරණ සංඛ්‍යාවකට හේතුවන බව ලොව නවතම පර්යේෂණ පෙන්වා දෙයි.
වේගවත් පැතිර යාමක් ඇතත් ඔමික්‍රොන් මාරාන්තික බවින් අඩු බවක් දැනට ඇති දත්ත මගින් පෙනී යන බව ඔවුන්ගේ අදහසයි. නමුත් මේ සඳහා පුළුල් එන්නත්කරණය ධනාත්මකව බලපෑමක් කර ඇති බව මේ සැවොම තහවුරු කර තිබේ.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ යමකු පෙර ප්‍රතිශක්තියක් ලබා නොමැති වුවත්, ඔමික්‍රොන් හේතුවෙන් රෝහල්ගත වීමට සිදුවීමේ අවස්ථාව ඩෙල්ටා ප්‍රභේදයට වඩා 11%කින් පමණ අඩුවනු ඇති බවයි.
ජනගහනයේ ප්‍රතිශක්තිය වැඩිවීම මත, ඔමික්‍රොන් නිසා රෝහල්ගත වීමේ අවදානම 25% සිට 30% දක්වා අඩුවන අතර, දිනකට වඩා වැඩි කාලයක් රෝහලේ රැඳී සිටීමේ අවශ්‍යතාවය 40%කින් පමණ අඩුවන බව තවත් එංගලන්ත පර් යේෂණයක් කියයි.