2022 ජනවාරි 01 වන සෙනසුරාදා

දවසට කොවිඩ් රෝගීන් දාහක්! - පී.එච්.අයි. සභාපති

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 72

I ගයාන් ගාල්ලගේ

සෞඛ්‍ය අංශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වීම පහළ මට්ටමක පවතින බව කීවත් දෛනිකව කොවිඩ් රෝගීන් 1500කට එහා සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමගේ සභාපති උපුල් රෝහණ දේශයට පැවසීය.

එසේ වීමට හේතුවී ඇත්තේ හෙද පරිපූරක අතුරු වෛද්‍යවරු වර්ජනය කිරීම හේතුවෙන් නිවැරදි දත්ත වර්තා දෛනිකව ලබා නොදීම බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට අහඹු පීසීආර්, ඇන්ටිජන් පරීක්ෂණ 5000කට ආසන්න සංඛ්‍යාවක් සිදුකරන බවත් ඉන් 500ක් පමණ වාර්තා වන නිසා නිවැරදිව පීසීආර්, ඇන්ටිජන් සිදුකළොත් දෛනික රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවන බවත් ඔහු කීය.