2022 ජනවාරි 01 වන සෙනසුරාදා

රාජ්‍ය මාධ්‍ය ආයතන නව ලොක්කෝ?

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 149

I දේශපාලන වාර්තාකරු

ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි සභාපති තනතුරු වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ. නව වසරේ රාජ්‍ය ආයතන රැසකට නව ප්‍රධානීන් පත්කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම කටයුතු සිදුකෙරෙන බව වාර්තා වෙයි.

ඒ අනුව ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල් ගුණවර්ධන මහතා පත් කෙරෙයි. ඔහු දැනට ජාතික පුස්තකාල හා ප්‍රවර්ධන සේවා මණ්ඩලයේ සභාපතිවරයාය. ලේක්හවුස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ ලලිත් පියුම්පෙරේරා මහතා පත්කිරීමට යෝජනා කර තිබේ. ඔහු දැනට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාය. ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපතිවරයා ලෙස මාතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කෙරේ. ඔහු කලකට පෙර ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදියෙක් ලෙසද සේවය කළේය. සැලයිනේ ආයතනයේ නව සභාපති ධුරයට හරිත් ගුණවර්ධන මහතා පත්කෙරෙනු ඇතැයි සඳහන් වේ. ඔහු දැනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකි.

ජනාධිපති විසින් මෙම නව පත්වීම් අනුමත කර ඇති අතර ඉදිරි සතියේ සිට මෙම පත්වීම් ක්‍රියාත්මක වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.