I ආරක්ෂක වාර්තාකරු
මානසික සහ ශාරීරික සෞඛ්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්විය යුතුව සිටින නිලධාරීන් පන්දහසක් පමණ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන බව නවතම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ ආකාරයට ඔවුන් විශ්‍රාම නොගන්වා තවදුරටත් සේවයේ තබාගැනීම නිසා පොලිස් සේවාවේ විනය පිරිහීම සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
මෙම නිලධාරීන් අතර විවිධ ත්‍රස්තවාදී ක්‍රියා නිසා රෝගාබාධවලට ලක්වූ නිලධරයන් 537ක්, වෙනත් පොලිස් රාජකාරිවලදී ආබාධවලට ලක්වූවන් 1305ක් බෝ නොවන රෝග තත්ත්වයන් නිසා ආබාධවලට ලක්වූවන් 2699ක් සහ වෙනත් ශාරීරික හා මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් සැහැල්ලු රාජකාරිවලට අනියුක්ත කර සිටින නිලධාරීන් 411 දෙනෙක් සිටිති.
මේ සියලු ආබාධිත නිලධරයන්ගේ සංඛ්‍යාව 4952කි. මොවුන් විශ්‍රාම ගන්වා ඒ වෙනුවට නව පොලිස් නිලධාරීන් සේවයට බඳවා ගත යුතු බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දැනටමත් රජයට නිර්දේශ කර තිබේ. පොලිස් සේවාවේ සමස්ත නිලධාරීන් ගණන් 85,000ක් පමණය. එයින් 5000ක් පමණ විවිධ සෞඛ්‍ය හේතූන් මත සේවාවට අයෝග්‍ය තත්ත්වයක සිටීම දෙපාර්තමේන්තුවට බරපතළ ගැටලු ඇතිකරවන තත්ත්වයක් බවද සඳහන්ය.