2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ඔමික්‍රොන්ටත් එහා ගිය තවත් මාරකයක්!

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

I සුගත් පී. කුලතුංගආරච්චි

ඔමික්‍රෝන් මාදිලියට වඩා වැඩි විපරීතයන් ගණනාවක් සහිත නව මාදිලියක් ගැන ප්‍රංශයෙන් වාර්තා වේ. එය B.1.640.2, ලෙස නම් ලද මාදිලියකි. ඉදිරියේදී මෙය “Pi” මාදිලිය ලෙස නම් කිරීමේ හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ නව මාදිලියේ වෛරසය තුළ විපරීතයන් 46ක් පමණ ඉහළ සංඛ්‍යාවක් දක්නට ලැබී ඇත. එයින් කැපීපෙනෙන විපරීත 2ක් හේතුවෙන් එන්නත් නොතකා ක්‍රියා කිරීමේ හැකියාව මේ නව මාදිලියට ලබා දී ඇති බව වාර්තා වේ. කලින් ඇල්ෆා මාදිලියෙන්ද වාර්තා වූ N501Y සහ නව විපරීතයක් වන E484K නමැති ස්පයික් ප්‍රෝටිනය ආශ්‍රීත කැපීපෙනෙන විකෘතිය මගින් එන්නත්වල බලපෑම ප්‍රබල ලෙස මර්දනය කිරීමේ හැකියාව ලැබී ඇතැයි පර් යේෂණ මගින් සනාථ වී ඇත.