I සංජීවිකා සමරතුංග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට මේ සතියේ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවට සහභාගී විය නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා පක්ෂ නායක හමුව කල් දැමීමට සිදුවිය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අනුරාධපුරයේ පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහන් මාලාවකට සහභාගී වීම සඳහා ගොස් ඇති නිසා පක්ෂ නායක හමුවට සහභාගී නොවන බව එහි සංවිධායකයන්ට දැන්වීය. ඒ සමඟ පක්ෂ නායක හමුව ද කල් දැමුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල රජය ගැන කරන විවේචන සම්බන්ධව ද මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.