2022 ජනවාරි 15 වන සෙනසුරාදා

හාල් මිල උඩ යයි: එළවළු මිලේ සුළු අඩුවක්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 66

I සංජීවිකා සමරතුංග

විවෘත වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තරමක් අඩු වෙද්දී සහල් මිල ගණන් සෑහෙන පමණ ඉහළ ගොස් තිබේ.

සතිපතා සහල් මිල ගණන් මෙලෙස ඉහළ යෑම පාරිභෝගිකයන් බලවත් ලෙස පීඩාවට පත් කර ඇත. පසුගිය දෙසතිය තුළ සහල් කිලෝවක මිල රුපියල් 10ත් 20ත් අතර ගණනකින් වැඩි විය. ඒ අතර එළවළු මිල ගණන් අඩුවීමද කැපී පෙනිණි. එහෙත් අමුමිරිස්, මාළු මිරිස් සහ බෝංචි වැනි ද්‍රව්‍යයන්ගේ මිල තවමත් සෑහෙන පමණ ඉහළ මට්ටමක පවතී. අමුමිරිස් කිලෝව රැපියල් 900 ඉක්මවා ඇත. 

රජයේ සහල් මිල ප්‍රශ්නයට පිළියමක් ලෙස මියන්මාරයෙන් හා ඉන්දියාවෙන් සහල් ආනයනය කෙරේ. එහෙත් ඒවා බහුලව අලෙවි කෙරෙන්නේ සතොස වෙළෙඳසල් හා ඇතැම් සුපිරි වෙළෙඳසල්වල පමණි. සාමාන්‍ය සිල්ලර වෙළෙඳසල්වල සහල් මිල සෑහෙන පමණ ඉහළ මට්ටමක තිබීම බලවත් ගැටලුවක් බව පාරිභෝගිකයෝ පවසති.