2022 ජනවාරි 15 වන සෙනසුරාදා

සජබෙන් ආණ්ඩුවට එරෙහි “දූෂණ කොමිසමක්”

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවේ දූෂණ වංචා සහ ජනතා පැමිණිලි ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් යුත් කණ්ඩායමක් පත්කිරීමට යෝජනා වී ඇතැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.

පැමිණිලි කාර්යාලයක් පවත්වාගෙන යමින් විවිධ ආකාරයෙන් ආණ්ඩුව විසින් සිදුකරන වැරදි අල්ලස්, දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි ලබාගැනීමටත් ඒ සඳහා නීති ආධාර දීමටත් සූදානම් කරන බව හෙතෙම සඳහන් කළේය. මේ සඳහා නීතීඥවරුන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ අංශවල සිටින වෘත්තීයවේදීන් සම්බන්ධ කර ගැනීමට තීරණය කර තිබේ.