2022 ජනවාරි 29 වන සෙනසුරාදා

පෙබරවාරියේ රට පුරා ඔමික්‍රොන්? - විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

I සුගත් පී. කුලතුංගආරච්චි

පෙබරවාරි මස අග වනවිට රටේ බහුතරයකට ඔමිෙක්‍රාන් ආසාදනය වීම නිශ්චිත බවත් මේ සඳහා ගත යුතු හොඳම ආරක්ෂක පියවර නොපමාව එන්නත පූර්ණ මාත්‍රාවන් ලබාගැනීම බවත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා “දේශයට” පැවසීය.

මේ මාදිලියෙන් සහ අනාගත මාදිලිවලින් ආරක්ෂා වීමට නම් සම්පූර්ණ එන්නත් මාත්‍රා හැටියට මාත්‍රා 3ක් ගත යුතුව ඇති බවද, බූස්ටර් එන්නතක් ලෙස නොව තුන්වැනි මාත්‍රාවක් ලෙස සලකා අවසන් එන්නත අනිවාර්යයෙන්ම ගත යුතුව ඇති බවද මහාචාර්යවරයා අවධාරණය කරයි. 

එසේ නොකළහොත් ආසාදිතයන් මෙන්ම මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බව ඔහු කියයි. නමුත් එන්නත් මාත්‍රා 3හි ආරක්ෂාව ඇතිනම් රෝගය වැළඳුණු විට නිවසේ නැවතී ප්‍රතිකාර ගැනීම පමණක් සිදුකිරීම ප්‍රමාණවත් වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.