I යසවර්ධන රුද්රිගූ
මේ වනවිට රටේ තිරිඟු පිටි හිඟය උග්‍ර වී ඇත්තේ තිරිඟු පිටි ආනයනය කරන ප්‍රිමා සහ සෙරන්ඩිබ් සමාගම් තමන් ගෙන්වන තිරිඟු පිටි ප්‍රමාණය 25% දක්වා අඩුකර තිබීම නිසා බව දේශයට වාර්තා වෙයි.
එසේම ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මෙයට ඉහතදී තමන් ද සෑහෙන ප්‍රමාණයක් තිරිඟු පිටි ආනයනය කළද දැන් ඒ ප්‍රමාණය විශාල ලෙස අඩුකර ඇති බවය.
මෙම දෙපාර්ශ්වයම ආනයනය කළ තිරිඟු පිටි කන්ටේනර් රුසක් වරායේ සිරවී ඇති අතර ඒවා නිදහස් කිරීමට බැංකුවලින් ඩොලර් නිදහස් නොකිරීම නිසා ගොඩබෑම ප්‍රමාද වීම සිදුවේ. දැනට ටික ටික හෝ නිෂ්කාශනය කිරීමට ඩොලර් සපයනු ලබන්නේ විනාශ වීමේ අවදානම වැඩි අත්‍යවශ්‍ය ආහාරවලට පමණක් බව පැවසේ. ඒ නිසා තිරිඟු පිටි මුදාහැරීමට ඇති අවස්ථාව සීමා වී තිබේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසන්නේ බේකරි නිෂ්පාදකයන්ට ස්වකීය නිෂ්පාදන සඳහා තිරිඟු පිටි ලබාගැනීමට දුෂ්කර වී ඇති බැවින් පාන් නිෂ්පාදනය කිරීම දැන් බොහෝ සේ අඩුව ඇති බවය.
ලැබෙන තිරිඟු පිටිවලින් බේකරි හිමියන් වැඩි ප්‍රමුඛත්වය දෙන්නේ සීනි කෑම සහ රසකැවිලි නිෂ්පාදනයටය. ඒ නිසා දිවයින පුරා පාන් හිඟයක් නිර්මාණය වී ඇති අතර පාන් ගෙඩියක මිලද බොහෝ ප්‍රදේශවල රැපියල් 100 දක්වා වැඩි වී තිබේ.
විවෘත වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල විශාල ලෙස ඉහළ නැග ඇති අතර රුපියල් 5830කට අලෙවි වූ කිලෝග්‍රෑම් 50 පිටි මිටිය මේ වනවිට රුපියල් 7200කට පමණ අලෙවි වන බව වාර්තා වෙයි.