2022 ජනවාරි 29 වන සෙනසුරාදා

ලංවිමෙන් මාසෙකට ඩොලර් කෝටි 10ක් තෙල් සංස්ථාවට ඕනෑ - ඇමැති ගම්මන්පිල

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 69

I දේශපාලන වාර්තාකරු

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සැපයීමට නම් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ තෙල් සංස්ථාවට ගෙවිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

දැනට රටට අවශ්‍ය ඉන්ධන සඳහා මසකට අමෙරිකානු ඩොලර් මිලියන 400ක් අවශ්‍ය වන අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන වර්ග ද තෙල් සංස්ථාව මගින් සැපයෙන්නේ නම් එම ගණන ඩොලර් මිලියන 500ක් දක්වා වැඩි විය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් 100%කින් ඉහළ ගොස් තිබේ. එහෙත් එම කාලය තුළ ශ්‍රී ලංකාව ඉන්ධන මිල ඉහළ දැමුවේ 30%කින් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.