I දේශපාලන වාර්තාකරු
පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභාවලට පත්වී කිසිදු රැස්වීමකට සහභාගි නොවූ මැති ඇමැතිවරුන් එම සභාවලින් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අය වෙනුවට නව සාමාජිකයන් පත්කිරීමට ද ඒ සමඟ තීන්දු විය. මැතිසබයේ ප්‍රධාන කාරක සභා ලෙස සැලකෙන පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ආචාර්ය චරිත හේරත් මහතාම පත් කෙරෙයි.
ඊට අමතරව රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා සභාවේ සභාපති ලෙස හිටපු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ද රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස හිටපු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද පත් කිරීමටත් රජය තීන්දු කර ඇත.
හිටපු සභාපතිවරුන් මෙම කාරක සභාවලින් හොඳ සේවාවක් සිදුකර ඇති බැවින් එම කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා එම සභාපතිවරුන්ම පත් කළ යුතු බවට තීන්දු කර ඇත.