වැඩට ගෙන්වීම අනතුරක්
- රවී කුමුදේශ්
දැන් පනවා ඇති විද්‍යාත්මක නොවන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසා සිදුව ඇත්තේ ඔමික්‍රොන් රට පුරා පැතිරීමට උපකාරී වන අඛණ්ඩ ආසාදන “රිලේ” ධාවන තරගයක් පවත්වාගෙන යාමට ඉඩ සැලසීමක් යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් දේශයට පැවැසීය.
ආසාදිතයකු තුළින් දින 10ක් යනතුරු තවත් අයට රෝගය පැතිරිය හැකි බව ලෝකයේ වෛරස විද්‍යාවේ පිළිගැනීමක් වන අතර නව මාර්ගෝපදේශ එය නොතකා හැර දින 07කින් ආසාදිතයන් සේවයට කැඳවීම නිසා අඛණ්ඩ ආසාදිතයන් පැතිර යාමක් සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි. ඔමික්‍රොන් මේ තරම් ඉක්මනින් රට තුළට පැමිණීමටත් දැන් රට තුළ වේගයෙන් පැතිරීමටත් මෙබඳු අවිද්‍යාත්මක මාර්ගෝපදේශ මුල්වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
පදනමක් නැති තර්ක එපා
-විශේෂඥ වෛද්‍යවරු
ආසාදිතයකු දින 7ක් තුළදී යළි සේවයට වාර්තා කිරීමට සුදුසු බව කියන නව සෞඛ්‍ය නිර්දේශය නිසි විද්‍යාත්මක සාක්ෂි සහ දත්ත මත පදනම්ව ගත් තීරණයක් බව වෛද්‍ය පර්ෙය්ෂණායතන යේ වෛරස විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ දේශයට කීවේය.
මේ වන විට අමෙරිකාවේ සී.ඩී.සී. ආයතනය ඒ සඳහා වූ අවදානම් දින ගණන දින 5 දක්වා අඩු කර ඇති බවද ඔහු පෙන්වා දෙයි. එසේම මේ අය සඳහා පීසීආර් වාර්තා ලබාගැනීම අත්‍යවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දෙයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ මේ තීන්දුව විශේෂඥ කමිටුවක් මගින් හොඳින් කරැණු සොයාබලා ගත් තීරණයක් බවය. දැනට බහුලම ව්‍යාප්තිය බවට පත්ව ඇති ඔමික්‍රොන් නිසා රෝහල් ගතවන සංඛ්‍යාව අඩුවී ඇත්තේ එන්නත ලබාගැනීම නිසා බවත් මේ නිසා බූස්ටරය ලබාගැනීම මගින් වෛරසය සමඟ රටේ වැඩ ඇරඹීමට හැකියාව ලැබී ඇති බවත් ඔහු කියයි. පසුගියදා වාර්තා වූ මරණවලින් බහුතරය එන්නත ලබා නොගත් අවදානම් වයස් කාණ්ඩයේ පසුවූ පිරිස බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා බූස්ටර මාත්‍රාව ලබාගැනීම මේ මොහොතේ වඩාත්ම ඥානාන්විත ක්‍රියාව බවත් ඔහු කීවේය.