සංජීවිකා සමරතුංග l
විපක්ෂය දීපව්‍යාප්ත මට්ටමින් රජයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් දියත් කරමින් සිටියදී ආණ්ඩු පක්ෂය පළාත් මට්ටමින් දැවැන්ත ජනරැලි මාලාවක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වෙයි.
සමගි ජන බලවේගයෙන් සිදු කරන උද්ඝෝෂණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන දැනටමත් ආරම්භ කර තිබේ. මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා විවිධ මන්ත්‍රී ආසනවල උද්ඝෝෂණ තිහකට වැඩි ගණනකට සහභාගි වී ඇත.
වත්මන් රජය යටතේ ගොවි ජනතාව මුහුණ දී සිටින පොහොර ඇතුළු යෙදවුම් හිඟය, අස්වනු අලෙවි ගැටලු ඇතුළු ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කිරීම විපක්ෂ උද්ඝෝෂණවල ප්‍රධාන අරමුණය.
ඒ අතර ආණ්ඩු පක්ෂය ජනතාව දැනුවත් කිරීම සඳහා පළාත් මට්ටමින් පවත්වන ජනරැලි මාලාව ලබන 9 වැනි බදාදා අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරුලි සංවිධානය කෙරේ. රජය කොරෝනා ව්‍යසනය මධ්‍යයේ ජනතාවට ඉටු කරන ලද විශේෂ මෙහෙවර මෙහිදී අවධාරණය කෙරෙනු ඇත.
එන්නත්කරණය මගින් ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරාගන්නා අතරතුර දීපව්‍යාප්ත මට්ටමින් ඉටුකළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද සමාජය දැනුවත් කෙරේ.
අනුරාධපුර ජනරැලියෙන් පසු මහනුවර, හම්බන්තොට, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවලද මෙම ජනරැලි පැවැත්වීමට නියමිතය.