2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

මණ්ඩලේට පිටින් මෙගාවොට් 3000ක් ගන්න පුළුවන්

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

දේශපාලන වාර්තාකරු l

විදුලිබල මණ්ඩලයේ බලාගාරවලට අමතරව පෞද්ගලික සහ රාජ්‍ය ආයතන ගණනාවක ස්ථාපිත කර තිබෙන ජෙනරේටර මගින් මෙගවොට් 3000ක පමණ විදුලි ඒකක ප්‍රමාණයක් ජනනය කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට කීය.

ප්‍රධාන විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන තමන් සතු ජෙනරේටර් වලින්ම සිය ආයතනවලට විදුලිය ලබාගන්නා ආයතනවලට විදුලිය ඒකකයක් වෙනුවෙන් රුපියල් 36/- මුදලක් විදුලිබල මණ්ඩලය විසින් ගෙවනු ලබන වගද ඔහු සඳහන් කළේය. ඒ සඳහා වෙනම මීටර සවිකළ යුතු අතර ආයතන ගණනාවක දැනටමත් එකී විදුලි මීටර සවිකර තිබේ. ෂැංග්‍රිල්ලා හෝටලය, මාස් හෝල්ඩිංග්ස්, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, බ්‍රැන්ඩික්ස් සමාගම, හේලීස් ආයතන වැනි ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන දැනටත් සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේ තම පෞද්ගලික ජනන යන්ත්‍රවලින් විදුලිය සපයා ගන්නා වගද ඔහු ප්‍රකාශ කළේය.