ගයාන් ගාල්ලගේ l
පසුගිය සතිය හා සසඳන විට කෝවිඩ් රෝගීන් ගණන 25% කිනුත් මරණ 12% කිනුත් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් සම්බන්ධීකාරක සහ වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා දේශයට පැවසීය.
එසේම මේ තත්ත්වය හමුවේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල සහ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවද 4% කින් ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය.
විශේෂයෙන් මියගිය අතරින් 73%ක් පමණ බූස්ටර් එන්නත ලබානොගත් අය බවට තහවුරු වී ඇතැයිද හම්දානි මහතා වැඩිදුරටත් කීය.
දැනට බුස්ටර් එන්නට 43%ක සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවත් එය රටෙන් 75%ක පිරිසක් ලබාගත් පසුව මේ තත්ත්වයෙන් මිදිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය.