I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ගත යුතු මූලික ක්‍රියාමාර්ගය වන්නේ රාජ්‍ය ණය ගෙවීම කල් දැමීම සහ රාජ්‍ය ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම බව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් රජයට දැනුම් දී තිබේ.
ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම උදෙසා රජයට යෝජනා ඉදිරිපත් කර ඇති මෙරට ප්‍රධාන පෙළේ විපක්ෂ දේශපාලන නායකයන් පවත්නා තත්ත්වය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයකින් පසු රජයට මෙකී යෝජනා ඉදිරිපත් කර ඇත.
මෙම කණ්ඩායමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, තිස්ස විතාරණ, එම්.ඒ. සුමන්තිරන්, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ශානක්‍යන් රාසමානික්කම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, කරු ජයසූරිය සහ ආර්. සම්බන්ධන් යන මහත්වරැන් ඇතුළත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ විපක්ෂ මැති ඇමැති කණ්ඩායම ආර්ථික අර්බුදයට හේතු වූ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ රජය වහා සිදු කළ යුතු බව පවසා ඇති අතර එහිදී දිළිඳු ජනතාවට සහ අනාගත පරපුරටද සාධාරණත්වය ඉටුවන පරිදි කටයුතු කළ යුතු බවද පෙන්වා දී ඇත..
ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන අතර සමාජයේ අන්ත දිළිඳු ජනකොටස්වල සුරක්ෂිතතාව සහ සමාජ ආරක්ෂණ ලබා දීම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවත් එම කණ්ඩායම අවධාරණය කර තිබේ.