I සංජීවිකා සමරතුංග
ශ්‍රී ලංකාවේ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් ගෙන එන නැව් 10කින් මාසිකව ගෑස් ආනයනය කළ යුතු බව ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
එම එක් ගෑස් නැවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 11ක් පමණ ගෙවිය යුතු අතර ඒ අනුව මසක ගෑස් ආනයනය සඳහා ඩොලර් මිලියන 110ක් පමණ වැය කිරීමට සිදුව තිබේ. ලෝක වෙළෙඳපොළේ ඉහළ පහළ යන ආකාරයට මෙම මිල ඇස්තමේන්තුද වෙනස් වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකාවේ දිනක ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1100කි. ඒ අනුව මසකට ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් ආනයනය කරනු ඇතැයි පැවසූ එම ප්‍රකාශකයා එක් ගෑස් නැවකින් ගෙනෙන ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ මෙරට දින 3ක පරිභෝජනයට පමණක් බවද සඳහන් කළේය.